Wednesday, May 13, 2020

ගෙදර ඉදන් පරිසර නියමු වගකීම් ඉටු කරමු

වර්ෂය ආරම්භයේදීම පරිසර නියමුවෙකු ලෙස පදක්කම් ලබන්නට අදිටන් කර ගත් ඔබට ගෙදර ඉදන් ඒ සඳහා සුදුසුකම් සපුරා ගන්න අපි ක්‍රියාකාරකම් සංශෝධනය කළෙමු.

 ඒ අනුව පරිසර නියමු පදක්කමට අදාළ ක්‍රියාකාරකම් මෙසේය.

ක්‍රියාකාරකම 01

ශාක දෙකක් රෝපණය කර නඩත්තු කරන්න. මෙම ශාක ජනාධිපති පදක්කම දක්වා නඩත්තු කල යුතුය. ඒ නිසා දීර්ඝ කාලයක් පවතින ශාක තෝරා ගන්න

උදා: මී, අඹ, සියඹලා, කොහොඹ



ශාක නඩත්තු වාර්තාව පහත පරිදි සකස් කල යුතු අතර වාර්තා නිසි පරිදි පවත්වා ගෙන තිබීම ඉතා වැදගත් වේ.









ක්‍රියාකාරකම 02

පරිසර නියමු වැඩසටහන පිලිබඳ සාමාන්‍ය දැනුම වර්ධනය කර ගෙන තිබීම

පරිසර නියමු වැඩසටහනේ ඉතිහාසය, පරිසර නියමු ආචාර ධර්ම පද්ධතිය, පරිසර නියමු ආදර්ශ පාඨය, පරිසර ධජය පිලිබඳ කරුණු රැස් කරන්න

ක්‍රියාකාරකම 03

පරිසරය පිලිබඳ කෙටි නිරීක්ෂණ වාර්තාව

ඔබ අවට පරිසරය නිරීක්ෂණය කර වාර්තාවක් සකස් කරන්න . උදා: වැස්සකින් පසු පරිසර තත්වය, පොකුණක්
වාර්තාව සඳහා පහත දෑ ඇතුලත් කරන්න

  • නිරීක්ෂණය කල ස්ථානය/ සිද්ධිය/ අවස්ථාව
  • දිනය / වෙලාව  
  • නිරීක්ෂණ
  • පින්තූර / ඡායාරූප

ක්‍රියාකාරකම 04

අවට පරිසරයේ දක්නට ලැබෙන සතුන් පිලිබඳ අධ්‍යනය කරන්න.  ඔවුන් හඳුනා ගැනීමට උත්සහා කරන්න. ඒ සඳහා වැඩිහිටියන්ගේ සහය හා අන්තර්ජාලය භාවිතා කරන්න.සටහන් තබා ගන්න.
උදා: සමනලුන්, කුරුල්ලන්, බත්කූරන්  

නැවත පාසල් ආරම්භ කලාම යාළුවොත් එක්ක කතා කරන්න ගොඩක් රසවත් මාතෘකාවක් වේවි  

ක්‍රියාකාරකම 05

පවුලේ අය සමඟ එකතු වී එළවලු වර්ග වගා කිරීමට කටයුතු කරන්න. මෙහිදී ඔබට පවතින ඉඩකඩ ඵලදායී ලෙස උපයෝගී කරගෙන නිවසේ ඉවතලන ද්‍රව්‍ය වලින් කොම්පෝස්ට් පොහොර නිපදවා ගැනීමටත් කටයුතු කිරීම ඉතා යහපත් වේ.

No comments:

Post a Comment

හරිත පදක්කම හැදින්වීම

  https://docs.google.com/presentation/d/1sClsEVZg_qmIvsP1uiZPBz1IPx90p1fM/edit?usp=drive_link&ouid=102387357097448477102&rtpof=true...